චමුදිතට පියුමිලාගේ පාටියෙන් පස්සේ මරණ තර්ජන – පොලිස් පරික්ෂන අරඹයි

 රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක වන පියුමි හංසමාලී විසින් උපන්දින සාදයන් පසුව තමන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙනවා

තමන්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක වන පියුමි හංසමාලී විසින් උපන්දින සාදයක් පැවැත්වීමට අදාළව ගොඩනැ`ගූ සංවාදයෙන් පසුව තමන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ බව චමුඳිත සමරවික‍්‍රම මහතා පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
 දුරකථන මාර්ගයෙන් නාඳුනන පුද්ගලයන් විසින් කළ මෙම තර්ජනයන් හරහා තමන්ට මෙන්ම තම බිරිඳට දරුවන්ට ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව සමරවික‍්‍රම මහතා පවසයි.
මේ හේතුව නිසා මේ සම්බන්ධයෙන් වහාම පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙස චමුදිත සමරවික‍්‍රම මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම දුරකථන ඇමැතුම් සම්බන්ධව දත්ත සහ ව්‍යාජ සමාජ මාධ්‍ය දත්ත සියල්ල තමා සතුව පවතින බවද විධිමත් විනිවිදභාවයෙන් යුත් පොලිස් පරීක්‍ෂණකදී ඒ සියල්ල ඉදිරිපත් කිරීමට තමාට හැකි බවද චමුදිත සමරවික‍්‍රම මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවයි.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published.