ජීවත් වෙන්න මළ අයගෙන් රත්තරන් මංකොල්ලයක

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි උරික්කාඩු ප‍්‍රදේශයේ සුසාන භූමියක සොහොන් කීපයක් හාරා මළ සිරුරුවල තිබූ රන් භාණ්ඩ සොයමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ජූනි මස 21වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහෙස්ත‍්‍රාත්වරයා 07දා නියෝග කොට තිබේ.
 ලැබුණු තොරතුරක් මත පොලිසිය අදාළ සොහොන් බිම වෙත යන විට රාත‍්‍රී කාලයේදී මෙම සැකකරුවන් දෙදෙනා සොහොන් බිමේ වළවල් හාරා මළ සිරුරුවලට පළන්දවා තිබූ රන් ආභරණ සොයමින් සිටි බව වැල්වෙට්ටිතුරෙයි පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.
  ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ජීවත් වීමට ක‍්‍රමයක් නොමැති නිසා මළ සිරුරුවල රත්තරන් ගැනීම සඳහා මිනී වළවල් හෑරූ බවයි.
 වැල්වෙට්ටිතුරෙයි පොලසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published.