මත්පැන් අලෙවිසැල් කොන්දේසි සහිතව ඇරෙයි – ලොකු තැන් වලට විතරයි

මත්පැන් අලෙවි කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටල් 82 කට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
 
 දිවයිනේ ක‍්‍රියාත්මක වන ආරක්‍ෂිත හා සුරක්‍ෂිත පළමු මට්ටමේ හෝටල් සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
 
 කෙසේ වෙතත් මෙම අවසරය එම හෝටල් වල නවාතැන් ගෙන සිටින විදේශිකයන් සඳහා පමනක් බව සඳහන් කර ඇත. මෙම අවසරය එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයන් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන අතර එම අවසරය අනුව අදාළ හෝටල් ක‍්‍රියාත්මක සෙසු සෞඛාරක්‍ෂිත උපදෙස්වලට අනුව බවද ඒ මහතා අවධාරණය කළේය. නමුත් මෙම නීතීන් කෙතරම් දුරට ප්‍රායෝගික වේද යන්න සිතා බැලිය යුතුය.
 
 අදාළ හෝටල් අධීක්‍ෂණ කටයුතු පළාත් භාර සුරාබදු කොමසාරිස්වරුන්ට පවරා ඇති අතර පළමු මට්ටමේ හෝටල් පිළිබඳව නාමලේඛණය ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කර ඇත.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published.