මම කියාගන්න බැරි තරම් අසරණ උනා – ඉඳුනිල් අන්දරමාන්න කියයි

ඉඳුනිල් අන්දරමාන්න කියපුවහම මේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ලංකාවම හඳුන ගත්ත ඉඳුනිල් ට ලංකාවේ තරුණ පරම්පරාව අතර තියෙන්නේ නොමද ආදරයක්. අන්න ඒ තරම් ආදරය කරන ඉදුනිල් ගැන අපි අද කියන්නේ නම් එයාගේ ජීවිතේ අපි කවුරුත් මෙච්චර කල් නොදැන ඉඳපු කතාවක්. මේක ගොඩාක් සංවේදි කතාවක්. එයාගේ ජීවිතේ ගොඩාක් හැල හැප්පීම් උනා හැමෝම දන්නවා. ඒ ඔකෝම අතර එයාට තවත් ලොකු කරදරයක් වෙලා. ඒක එළිඋනේ එයාගේ ෆේස් බුක් ගිණුමෙන් දාපු සංවේදි සටහනක් එක්ක. ඒ ගායක් චමින්ද රණසිංහගේ බිරිඳට පිළිකාමය තත්වයක් බව දැන්ගත් මොහොතක ඒ දෙපළට ආශ්‍රිවාද එක්ක පලකරපු සටහනකින් අපි ඒ සටහන් දැන් දාන්නම් .

ආදරණීය චමින්ද අයියේ ….මම මේ කියන්නෙ බොහොම විශ්වාසයෙන් මගේ බිරිඳටත් 2012 වසරේදී මේ අවාසනාවන්ත පිළිකාවට ගොදුරක් වන්න සිද්ධ වුණා..බොහෝ අය විවිධ දේවල් කිව්වා ජීවත් කරවන්න බැරි තැනටමත් පත්වුණා .බොහෝ බලාපොරොත්තු සුන් වුණා .වචනයෙන් කියා ගන්න ලියාගන්න බැරි තරමටම අසරණ වුණා පුදුම විදියට . වේදනාවෙන් හිතාගන්නවත් බැරි තරම් කඳුළු පුරවන් අන්ත අසරණව ජීවත් වුණා.ඒක මහ පුදුම වේදනාවක් අයියේ .මුළු පවුලම අන්ධකාරයට අැද වැටුණාඔයත් ඒ අමාරු කාලය අද අත් විදිනවා කියලා මට , අපට දැනෙනවා නමුත් ඇය හාස්කමකින් මෙන් සුව වුණා .ඒත් සුවය ලැබූ ඇයට කිව්වේ විවාහ වෙන්න එපා කියලා ,විවාහ වුණාට පස්සේ කිව්වා දරුවන් වදන්න එපා කියලා ,නමුත් ඇය අද ඒ හැමදේම දිනලා අවසන් .අපි අද දවසේ අපේ 5 වෙනි විවාහ සැමරුම සමරන්නේ මේ පිළිකා මාරයා විශ්වාසයෙන් එදා සම්පූර්ණ පරදා ජය ගත් නිසා .ඔවු විශ්වාසෙන් අයියේ මම බොහොම විශ්වාසෙන් මේ කියන්නේ හිටියටත් වඩා සිය දහසක් ඉහළින් ඔබ දෙපළගේ ජිවිතය ඉහළින්ම වැජඹෙනවා නියතයි නියතයි නියතයි අදරණීය අක්කට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නේ මගේ අපේ මුළු හදවතින්මයි මේ Corona වියසනයේ තාඩන පීඩන අස්සේ කර්කශ පසුබිමක් මැද්දේ මෙවැනි දෙයක් සිදුවෙද්දී ගොඩාක් අසරණ වෙනවා නේද අයියේ .ඔවු ඒක අපට දැනෙනවා තේරෙනවා . විශේෂයෙන්ම කාටවත් ඇස නොගැටෙන මේ දින වල කලාකරුවා හැමෝම අතරගොඩාක්ම අසරණම නිසා .ඒත් ඒ මොනවා වුනත් මට කියන්න තියෙන්නේ විශ්වාසය අත්හැර ගන්න එපා කොයි මොහොතකවත් අත්හැර ගන්න එපා නොසිතූ වෙලාවක කඳුල සිනහවකට පෙරලීඅක්කේ ඔයා සම්පූර්ණම #සුව#වෙනවාමයිමහලොකුවට ගැඹුරට මම ඹයාවආශ්‍රය නොකරත් මේ සම්බන්ධව ඕන දෙයකට කතා කරන්න අයියේ .පුළුවන් උපරිමයෙන්ම හදවතින්ම ඉන්නවා ඉදුණිල් අන්දරමාන

ඉඳුනිල් අන්දරමාන්න
ඉඳුනිල් අන්දරමාන්න – තාරුණයේ ජනප්‍රිය ගායක්
Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published.