වැල්ලවායේ තරුණ යුවලට නිදි යහනේදීම කළ අපරාධය

වැල්ලවාය යාලබෝව ගම්මානයේ කුලි නිවෙසක  සිටි තරුණ වෙද මහතකු හා ඔහුගේ බිරිය නිදි යහනෙන්ම මියගොස් සිටිය දී (06) පෙරේදා සොයා ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ  6 කණුව කුඹගොඩආර ඇඹිලිපිටියේ ජී.ඩී. එරංග සඳරුවන් පෙරේරා (35) හා මල්ගම්මන මාරක මාතලේ ලිපිනය සඳහන් ඔහුගේ බිරිය එම්.ඩී. සුගන්ධිකා බණ්ඩාරනායක යන 21 හැවිරිදි කාන්තාවක් වේ.

මෙම දෙදෙනා වසර පහකට අධික කාලයක් යාලුබෝව ප්‍රදේශයේ නිවසක නතරවී සිට ඇති අතර මියගිය පුද්ගලයා දේශීය වෙදකම් කරමින් සිට ඇතැයි වැල්ලවාය පොලිස් ස්ථානයේ උසස්  නිලධාරියෙක් පැවසීය.

නිවැසියන් කිහිප අවස්ථාවකදීම මියගිය යුවළට කතා කර ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බැවින් එම වෙද මහතා ප්‍රතිකාර කරන හිමිනමකට ඒ සම්බන්ධයෙන් පවසා ඇති අතර උන් වහන්සේ වැල්ලවාය පොලිසියට දැනුම් දී ඇත. පොලිස් නිලධාරින් නිවෙස තුළ පරික්ෂා කර ඇති අතර එහිදී මෙම යුවළ නිදි යහනෙන්ම මියගොස් ඇති බව දැක තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් සිදු කරනු ලැබූ අතර එම ස්ථානයේ නීරික්ෂණයක් ද සිදුකරන ලදී.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published.